Blogger templates

Saturday, November 15, 2014

    AdwCleaner 2.108 | Adware, Browser 

    Hijackers හා Toolbars ඉවත් කරගන්න


AdwCleaner කියන්නේ Adware, browser Hijackers හා Toolbars වැනි දෑ ඔබේ පරිගණකයෙන් ඉවත්
කරන්න
 ඔබට උදවු වෙන වැඩසටහනක්. AdwCleaner බාවිතයෙන් පෙර සදහන් කල අනවශ්‍ය වැඩසටහන් ඔබේ 
පරිගණකයෙන් ඉවත් කර, අන්තර්ජාලයේ සැරි සැරීම නිසියාකාරව අත්විදීමට ඉඩකඩ සලසා ගන්න ඔබට
 පුළුවන්.
Adware, browser Hijackers හා Toolbars වැනි වැඩසටහන් බොහෝ විට ඔබේ පරිගණකයට පැමිණෙන්නේ
 අන්තර්ජාලය තුලින් ඔබ download කරන වැඩසටහන් සමගයි. බොහෝ දෙනෙක් වැඩසටහන් පරිගණකයේ
 install කරනා විට කිසිම දෙයක් කියවන්නේ බලන්නේ නැතිව නොසැලකිලිමත්ව “install” button එක දකින
 තුරුම  දිගටම “Next” button එක ඔබ මින් ගොස් වැඩසටහන පරිගණකයට install කරගන්නවා. ඉතින් ඒ
 විදියට
 ඔබ නොසැලකිලිමත්ව වැඩසටහන install කරගත්තට පසුව සමහර විට ඔබ install කරගත් වැඩසනහට
 අමතර 
අනවශ්‍ය තවත් වැඩසටහනුත් ඔබ පරිගණකයේ install කරගෙන තිබෙනවා සමහර විට අත්දැකීමෙන්ම දැක
 තිබෙනවා ඇති. මොකද මම ඉහත සදහන් කල පරිදි  සමහර නොමිළේ දෙන වැඩසටහන් සමග 
browser toolbars, adware හා තවත් අනවශ්‍ය වැඩසටහනුත් පැමිණෙනවා. ඉතින් ඔබ නොසැලකිලිමත්ව 
වැඩසටහන install කිරීමෙන් එවැනි අනවශ්‍ය වැඩසටහන් වල ග්‍රහණයට ඔබ නතු වෙනවා. නමුත්
 Custom install option එක බාවිතයෙන්, විමසිලිමත්ව තමන්ට වැඩසටහන පමණක් තෝරාගෙන install
 කිරීමේ ක්‍රියාවලිය සිදු කළා නම් අනවශ්‍ය වැඩසටහන් වලින් බේරී ඔබට අවශ්‍ය මෘදුකාංගය පමණක් install
 කරගන්න බොහෝ විට ඔබට පුළුවන්. AdwCleaner වැඩසටහන සම්පුර්ණයෙන්ම නිර්මාණය කර තිබෙන්නේ
 ඔබ පරිගණකයේ install කරගෙන තිබෙන එවැනි අනවශ්‍ය වැඩසටහන් පහසුවෙන්ම ඉවත් කරගැනීම සදහායි.
Download: AdwCleaner 2.108 (565 KB)