Blogger templates

Sunday, November 16, 2014

.ශරිරයේ බර වැඩිකර ගැනිමට ස්වාභාවික ප්‍රතිකාරයන් 10ක් 




අතුරු ආබාධයන්ගෙන් බහුල නොයෙකුත් ක්‍රම වේදයන් වෙනුවට නොයෙකුත් ස්වාභාවිකම ශරිරයේ බර වැඩිකරගත හැකි ක්‍රම වේදයන් කිහිපයක් පිළිබඳවයි මෙහිදි අප කතාකිරිමට බලාපොරොත්තු ව‍ෙන්නේ. එම ප්‍රතිකාරයන් අතරට ශරිරයේ බර වැඩි කරගැනිම සඳහා උපකාරි වෙන නොයෙකුත් ආහාර වර්ගයන් ඇතුලත් වෙනවා. ඒ වගේම ව්‍යායාම කිරිමද වැදගත් බව හොඳින් මතක තබා ගන්න.


(1) සෞඛ්‍ය සම්පන්න ආහාර

ශරිරයේ බර වැඩි කරගැනිම සඳහා වෙහෙසිමෙදි විටමින්, ප්‍රෝටින් සහා ඛනිජලවන වලින් බහුල සෞඛ්‍ය සම්පන්න ආහාරයන් වැඩි වශයෙන් අනුභව කිරිමට අවධානය යොමු කළ යුතුවනවා. මස් මාංශ, අසන්තෘප්ත, ශාකමය මේදයන්, මෙදය අවම කිරි, හිතකර පිෂ්ට සංයුක්තයන්, එළවළු, පළතුරු, සහා ඇට වර්ග සෞඛ්‍ය සම්පන්න ආහාර වශයෙන් හඳුන්වන්න පුළුවන්. කජු, රට කොට්ටම්බා, රට ඉදි, වියලි මිදි වැනි වියලි ආහාරයන් උදේ ආහාරය සලාදයන් සහා අතුරු පසට එකතු කරගැනිමටද මතක තබා ගන්න. තල ඇට සහා රට කජු වල මේදය යහමින් පවතින නිසා රාත්තල් කිහිපයකින් ශරිරයේ බර වැඩි කරගැනිමට ඒවා වැඩි පුර අනුභව කරන්න. ආහාර රුචිය අවම තත්වයක පැවතිම හේතුවෙන් ශරිරයේ බර අඩු විමේ අවධානමක් තිබෙන බවද මතක තබා ගන්න.

(2) අඹ

ශරිරයේ බර වැඩි කරගැනිම සඳහා සහා යෝගය ලබාදෙන පළතුරක් වශයෙන් අඹ හඳුනවන්න පුළුවන්. මොකද අඹබල ඉහළ කාබෝහයිඩ්රේට් මට්ටමක් පවතිනවා. ලබා ගැනිමට ඇති හැකියාව තුල උදේ ආහාරයට වගේම දවල් සහා රත්‍රි ආහාරය සඳහාද මෙම පළතුරු භාවිතය කරන්න. අනෙකුත් ආහාර අනුභවය පසකලා අඹම පමණක් අනුභවය කරන ලෙස නොවේ මෙයින් අදහස් කරන්නේ ඔබ අනුභව කරන සමාන්‍ය ආහාර වේල සමගම අඹ අනුභව කරන්න.

(3) කෙසෙල්

ශරිරයේ බර වැඩිකර ගැනිම සදහා අනුභව කල යුතු පළතුරු ලයිස්තුවේ ඉහළින්ම සිටින්නේ කෙසෙල්ය. කෙසෙල්වල කාබෝහයිඩේරේට් බහුලව පවතින අතර ශරිරයේ ද්‍රව මට්ටම විදිමත්ව පවත්වා ගෙන යෑම සඳහා උපකාරි වෙන පොටෑසියම්ද කෙසෙල් වල අඩංගු වෙනවා. ඔබ දන්නවා ඇති අන්තර්ජාතික මට්ටමේ මලල ක්‍රිඩයකින් පවා කායෂක්ති ක්ෂණීකව වැඩි කර ගැනිමට කෙසෙල් අනුභව කරන බව. ආහාර වේලකට පසුව කෙසෙල් අනුභව කිරිමෙන් ශරිරයේ බර අඩු කරගන්න පුළුවන්. නමුත් ඔබ සෙම්ප්‍රතිශ්‍යා තත්වයකින් පෙලෙනවානම් කෙසෙල් අනුභව කිරිමෙන් තාවකාලිකව වැළකි සිටින්න.

(4) වැඩිපුර ආහාර අනුභව කරන්න.

ශරිරයේ බර වැඩි කරගැනිම පින්ස බොහෝදෙනෙක් පොදුවේ භාවිත කරන ක්‍රමයක්නම් අනුභව කැන ආහාර ප්‍රමානය වැඩිකිරිමයි. ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව තවත් ආහාර වේල් කිහිපයක් අනුභව කිරමෙන් අනුභව කරන ආහාර ප්‍රමානය වැඩි කරගන්න පුළුවන්. ශරිරයේ බර අඩු කැගන්න වෙහෙසෙනවා සේම වැඩි කර ගැනිමත් තරමක් අපහසු වෙන්න පුළුවන්. නමුත් කාලයත් සමග ක්‍රමයෙන් එහි ප්‍රතිලාභ ඔබට ලැබෙනවා ඇති.

(5) නිතර ආහාර අනුභවය





දවසකට හය වතාවක් නිරන්තරයෙන ආහාර අනුභව කිරිමෙන් ශරිරයේ බර සැලකිය යුතු ලෙස වැඩි කරගන්නට පුළුවන්. කොහොම නමුත් සෑම ආහාර වේලක්ම කූඩා එකක් විය යුතුයි. මහත් අපහසුවෙන් ආහාර වැඩිවශයෙන් අනුභව කරනවාට වඩා කාලය ගෙන සුළු වශයෙන් ආහාර නිරන්තරයෙන් අනුභව කිරිමෙන් ශරිරයේ බර පමසුවෙන්ම වැඩිකරගන්නට හැකියාවක් ඇති බව කරන ලද පරියෙෂණයන් මගින්ද සනාත වි තිබෙනවා.

(6) මේදය බහුල ආහාර

සත්ව මේද කොටස් අනුභව කිරිමෙදි නිර්දේශිත ප්‍රමාණය නොයික්මවිමට මතක තබා ගන්න. මොකද ඒ හෙතුවෙන් රුධිර කොළොස්ටරෝල් මට්ටම වැඩිවිමේ අවධානමක් පවතිනවා. ඒ සදහා වු විකල්පයක් වශයෙන් ශරිරයට හිතකර අසන්තෘප්ත ශාකමයේ මේදයන් අනුභව කරන්න. එමගින් සෞඛ්‍ය සම්පන්න ආහාරයෙන් ශරිරයේ බර වැඩි කරගන්න පුළුවන්. තල ඇට වල සහා රට කජු වල මේදය බහුලවම අන්තර්ගත වෙන නිසා ඒවා ආහාරයට එකතු කර ගන්න.

(7) වියළි මිදි

දිනපතා වියළි මිදි අනුභව කිරිමෙන් ශරිරයේ බර සැළකියයුතු ලෙස වැඩි කරගන්නට පුළුවන්. වියැළි මිදි වල ඉතාමත් වැඩි වශයෙන් පෝෂකයන් අන්තර් ගත නිසා ස්වල්පයක් අනුභව කිරිමෙන් වැඩි කැලරි ප්‍රමාණයක් ලබා ගැනිමේ අවස්ථාව තිබෙනවා. වියළි මිදි කොප්ප කාලක කැලරි 100 ක් පමණ අන්තර්ගත වෙන බව ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි.

(8) ව්‍යායාම

ශරිරයේ බර වැඩිකර ගැනිම සදහා දක්වන මුලාධාරයක් වශයෙන් ව්‍යායාම කිරිම ඉතාමත් වැදගත් එමගින් ආහාර රුචිය වැඩි වෙනවා සේම සම්පුර්ණම සෞඛ්‍යමය වැඩි දියුණු වෙනවා.

(9) කොස්

පහුසුවෙන් බර වැඩි කරගැනිමට හැකි තවත් එක් ක්‍රමයක්නම් ඉදුනු කොස් ( වරකා) අනුභව කිරිමයි. උදේ ආහාරයට වගේම දවල් සහා රාත්‍රි ආහාරයටද කොස් ඇතුලත් කර ගැනිමෙන් විශ්මික ප්‍රතිපල ලබා ගන්නට පුළුවන් බව හොදින් මතක තබා ගන්න.

(10) ආහාර ගැනිමට ප්‍රථම වතුර, සෝඩා, කෝපි, සහා තේ වැනි පානයන් පානය කිරිමෙන් අඩු වශයෙන් බඩකිනි දැනෙන අතර ආහාර රුචියද අඩු වෙනවා. එමෙ නිසා ආහාර ගැනිමට විනාඩි 40කි වැනි කාලයක් තිබියදි වතුර පානය කිරිමෙන් වළකින්න.

ඔබ දුම්පානය කරනවානම් ඉහත සඳහා කරන ලද උපදෙස් පිළිපැදිම ගඟට කපන ඉනිසේ වෙන්නට ඉඩ තිබෙනවා. මොකද සිකරට් වල අන්තර් ගත දුම්කොළ විසින් පුද්ගලයාගේ ආහාර රුචිය යටපත් කිරිමක් සිදු කරනවා. එම නිසා කරුනාකර දුම්පානය නතර කොට මෙම උපදෙස් පිළිපදින්න....