Blogger templates

Tuesday, November 18, 2014

බ්ලොග්වරුන්ට අමුතු අත්දැකීමක්


ආසියානු රටක ප්‍රථම වරට පැවැත්වෙන  වෘත්තීය බ්ලොග්කරුවන්ගේ සමුලුවට සහභාගී වීමට දිවයිනට පැමිණ සිටින ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවන්ට  ගුවනින් දකුණු පළාත් මුහුදු තීරය වඩා රවුමක් යාමට අවස්ථාව උදාවිය.
ඔවුන් වෙනුවෙන් මෙරට පැවැත්වු වැඩමුලු වලදී විවිධ   දස්කම් පෙන්වු බ්ලොග්කරුවෝ 14 දෙනෙකුට මෙම අවස්ථාව  හිමි විය.
ඇමරිකානු ජාතික ෆවෙල් වොල්කින් යානයේ ගුවන් නියමුවා විය.  දිනුෂ පීරිස්  සහායක නියමුවා විය.    ඉතා දක්ෂ ලෙස යානය හසුරවමින් අඩි 400 ක් පමණ පහතින්  ගමන් ගත් යානය ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය හරහා දකුනු ලකේ සුන්දරත්වය පෙන්වීමට ගුවන් නියමුවෝ සමත් වුහ.
සමහර අවස්ථාවලදී වේගය අඩුකරමින්, පහත්කරමින්, ඇලකරමින්  බ්ලොග්කරුවන්ට රිසිසේ එම දර්ශණ ඡායාරූප ගතකිරිමටද ගුවන්  නියමුවෝ ඉඩ සැලසුහ.
යානය ඇලකරන අවස්ථාවලදී බ්ලොග්කරුවෝ උද්දාමයට පත්ව කෑ ගැසුහ.
ගුවන ගමන අවසානයේ  ඔවුහු  ගුවන් නියමුවන්ට ස්තුති කළේ ගුවන් නියමුවා ඉතා දක්ෂ ලෙස යානය පාලනය කළ අයුරු සිහිගන්වමිනි.
සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ වෘත්තීය බ්ලොග්කරුවනගේ සංවිධානය සමග එක්ව මෙම සමුළුව සංවිධානය කර ඇත.
2 3 4  6 7 8 9 10 12 DSCF2068 DSCF2069 DSCF2076 DSCF2077 DSCF2095 DSCF2104 DSCF2106 DSCF2135 DSCF2145 DSCF2157 DSCF2159 DSCF2161 DSCF2164 DSCF2179