Blogger templates

Wednesday, November 19, 2014

  Google Drive වලින් ගන්න පුළුවන් ඔබ නොදන්න පහසුකම් 8ක්



Google Drive කියන්නේ ඔබේ එදිනෙදා වැඩකටයුතු ගොඩාක් පහසුවෙන් කරගන්න උපකාරී වන සේවාවක්. ඉතින් අද අපි කියන්නට යන්නේ Google Drive තවදුරටත් ඔබේ වැඩකටයුතු සඳහා පහසු කරගන්නට යොදාගන්නේ කොහොමද කියලයි.

Google Drive කියන්නේ අන්තර්ජාලයේ ඔබේම ඉඩක් ලබාදෙන්නක් ලෙසයි බොහෝ දෙනා සිතන්නේ. නමුත් පහතින් දැක්වෙන්නේ ඊට අමතරව ඔබට ලබාගත හැකි පහසුකම් කිහිපයකි.

1. Crop photos


ඔබේ ඡායාරූප crop කරගන්න Google Drive යොදාගන්නට පුළුවන්. සාමාන්‍ය පරිදි හතරැස් ආකාරයට අමතරව විවිධ හැඩතල වලටත් පින්තූර crop කරගන්න හැකියාව ඇත.





2. Experiment with add-ons


Documents හා spreadsheets සඳහා නොයෙකුත් add-ons එකතු කරන්නටත් පුළුවනි. මේ add-ons වලින් ඔබට Google Dive හි ඇතුලත් පහසුකම් වලට අමතරව තවත් පහසුකම් ඔබට එකතු කරගන්න පුළුවනි.



3. Check out your Drive activity


ඔබේ Drive එකේ ඇති ලිපිගොනු වලට ඔබ හෝ වෙනත් කෙනෙකු විසින් සිදුකරන ලද වෙනස්කම් දැනගන්නට දකුණුපස “i” ලකුණ ඔබන්න.


drive-activity
4. Look at your revision history


ලිපියකට සිදුකරන ලද වෙනස්කම් දැනගැනීමටත් පෙර සංස්කරණ නැවත ලබාගැනීමටත් File ක්ලික් කර  “See revision history” යන්න තෝරන්න.

testing

5. Use spreadsheets offline


Spreadsheet කියන්නේ Excel වල ඔබ දකින Speadsheet වැනි ගණිත ආශ්‍රිත ලිපි කටයුතු සිදුකරන්නට පහසුකම් සපයන Google සේවාවකි. සාමාන්‍යයෙන් Google Drive සේවාවන් සඳහා අන්තර්ජාලය අවශය වුවත් ඔබ දැන සිටියාද Spreadsheet අන්තර්ජාලය නොමැතිව වුවත් භාවිත කරන්නටත් edit කරන්නටත් පුළුවන් බව. 

6. Shortcut to keyboard shortcuts


Drive පහසුකම් වඩාත් වේගවත්ව ලබාගැනීම සඳහා Keyboard shortcut භාවිත කළ හැකියි. ඒ සඳහා “Shift” හා “?” එබීමෙන් ඔබට keyboard shortcut සියල්ල දැකබලාගන්නට පුළුවනි.



7. Customize who sees what


ඔබේ Drive හි ඇති ලිපියක් හෝ ඕනෑම file එකක් තවත් අය සමඟ share කර ගත හැකි අතර ඒ අයටත් නොයෙකුත් වෙනස්කම් කරන්නට හැකියාව ඇත. නමුත් එලෙස ඒ අයට කල හැකි දේ සීමා කරන්නටත් Google Drive පහසුකම සපයා ඇති. ඔබට අවශ්‍ය නම් අනෙකුත් අයට වෙනස්කම් කිරීමට ඉඩ අහුර comment කිරීමට පමණක් අවස්ථාව ලබාදිය හැක.

 
8. Make your email life easier


සාමාන්‍යෙයන් ඊමේල් එකකින් යැවිය හැකි attachment(ඇමුණුම්) එකකි උපරිම ප්‍රමාණය 25MB වලට සීමා වේ. නමුත් Google Drive හරහා ඔබට ඒ සීමාවත් ඉක්මවා ඇමුණුම් යැවිය හැකියි. ඒ සඳහා email යවන විට කුඩා Drive icon එක මත ක්ලික් කර ඔබේ 25 MBට වඩා විශාල ඇමුණුම් යැවිය හැකියි.


එපමණක් නොවෙයි වෙනත් අයෙකු ඔබට එවන attachments වුවත් කෙලින්ම Google Drive වෙතට ඇතුලත් කිරීමටත් හැකියාව ඔබට ඇත.